RSS Feed

දැල්වූ ජොයින්ට්...

දැල්වූ ජොයින්ට්... දැල්වී තියේවා!!!
පිරවූ බඳුන්... පිරිලා තියේවා!!!
ගෙන ආ බයිට්.. අවසන් නොවේවා!!!!
සෙට් වෙන දවස්... සැමදා තියේවා!!!!!

හිත මිතුරු සුළඟ......

හිත මිතුරු සුළඟ ලඟ එන මගේ යාළුවට කියන්....
අද එනවිට ගල් බෝතලයක් රැගෙන එන ලෙසින්.....
දිගු කලකින් අපි මුන ගැසේවි සෙට් වෙන්න ඉතින්....
අද බිව්වොත් ඒ අඳුරු මොහොත සොඳුරු වෙයි සැනින්.....

බෝතලයක් මම ....

බෝතලයක්  මම දෝත දරා...
බලා ඉඳිමි නුඹ එන තුරා...
ආයෙ සෙට් වෙන්නට ලැබෙන්නෑ.....
අද වාගේ....

ජීවිතේ සුන්දරද මෙතරම්....

මගේ වෙරිමත

මගේ වෙරිමත මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් උගුර පමණක් . .
බොන්න දීලා ඉවත යනු මැන . . .

ලිහිණියනේ..

ලිහිණියනේ පියාඹන්න..
බාර් එකක් සොයා යන්න..
මට පිපාසේ බව පවසා..
ගල් කාලක් අරන් එන්න..

ගල් බෝතලෙ

ගල් බෝතලෙ හරි අටකට බෙදාගෙන...... 
කොටහක් නොබී මිතුරන්ටත් තබාගෙන... 
බිව් හැටි එදා බේබද්දන් විලාසින.... 
ගල් බාගෙකට ඇයි අද ඇණ කොටාගෙන...

ගල් නැතිදා.

ගල් නැතිදා...
ගල් නැතිදා වෙන අරක්කු බොන්න නම් බැරී...
පුදුමයී නුඹ වාගේ....
මට නොබී ඉනු බැරී.......