RSS Feed

මා ඉතින්

මා ඉතින් බොන්න යන්වා,
මට බොන්න අවසරයි,
මට අරන් යන්න ඇත්තේ,
ගල් බෝතලේ පමනයි....

උන් සැන්ඩි අරන් ඒවී,
කටගැස්ම එතන දේවී,
අපි එකට එතන බෝවී,
රෑවීලා ගෙදර ඒවී,
ජීවිතේ ෆුල් ජෝලී...........

මා

මා වෙරි මතින් හිනැහුනා,
ඈගේ නුවන් රතු උනා,
ආදර ලොවක් කෙලෙස මා පතන්නේ,
කෙල උනනේ බීල හිටි මට කෙල උනනේ....

මගේ

මගේ පුංචි ගල් බාගේ,
මමයි උඹේ,
පෙරේත බඹරා,
උඹ පොඩ්ඩක්වත් නොසලන කුමරා

තිබහ

තිබහ වෙලා මා ගියකල බාර් එකට.....
මැනලා ෂොට් එකක් දුන්නා වීදුරුවකට....
බොන්දෝ නොබොන්දෝ කියලා හිතුනි මට....
දමලා ඇද්දේ එක හුස්මට නීට් පිට....

ඔබට

ඔබට බොන්න නැති...
මටද බොන්න නැති...
අරක්කු කොතනද හැලිලා ගියේ....
ඉවත ගලා ගිය අරක්කු සිහිවී...
මගේ බඩ පපුව දැවිලා ගියේ....

තානායමේ

තානායමේ දෙන්න දෙපොලේ ගල් බොනවා....
කටු එක්ක කටගැස්මට මස් කනවා...
අන්තිමේ ගාන දැකල බඩ දන්වා...
බීපන් මචෝ තව ටිකකින් ගුටිකනවා....

මලේ

මලේ මලේ ඔය බෝතලේ අරන් වරෙන්....
බිමට වැටෙයි පරිස්සමින් රැගෙන වරෙන්...
බයිට් එකට කටගැස්මක් හදන් වරෙන්...
චියර්ස් කියා එක හුස්මට බොන්න වරෙන්....

වෙරි

වෙරි තියෙන්නේ අපිට වෙන්න බෑයි කියලා බෑ...
ජින් තියෙන්නේ අපිට බොන්න බෑයි කියලා බෑ....
සිගරට් ඇත නොබී ඉන්න බෑයි කියලා බෑ....
මතට අයිති කිසිම දෙයක් බෑයි කියලා බෑ....

බීම

බීම මගේ ජීවිතෙයි...
අරක්කු මගේ පානයයි...
සියලු ජාති මම නොබොයි....
හිත හොඳ බේබා මමයි....

සවසට

සවසට රැගෙන ආ ගල් බාගය....
මම ගහනවා රෑ ජාමෙට...
ගත සනසනා ඒ වෙරි මත...
සැපසේ වින්ඳා....

සැඳෑ අඳුර

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට....
බාර් එකට අපි ඇදෙන වෙලාවට....
දහසක් දේ ඇත, ගන්න සල්ලි නැත....
අපෙ හදවත් පාරයි, මැරෙන්නද...
ගල් බොමි අපි සතොසින්....
හැමදාමත්....
ගල් බොමි අපි සතොසින්....

ගල්

ගල්,පොල්, ඕල්ඩ් , ශ්‍රිලංකා යන මේවා.....
DCSL එකේ සිට පැන නැංගා.....
බෝතල්, ග්ලාස්,කට, බඩවැල් අතරින් රිංගා.....
මේවා ගලයි මිනිසුන් මරණෙට කැන්දා........

සඟවන්න

සඟවන්න එපා බෝතල්....
මට ගන්න දෙන්න ආතල්...
බීම කෙරේ ගත...
බැඳුනු දිනේ සිට.....
ජොලිය දැනේ මට නම්.....

ඔබ

ඔබ ජොයින්ට් එකක් වාගේ....
ගැහුවම පාවෙන අහසේ....
මම හදිස්සියෙන් වාගේ ඔතපු....

සඳුද අවදියෙන්

සඳුද අවදියෙන්, අපිද අවදියෙන් මේ නිශාන්තයේ....
බෝතල් ලඟ ඇති , රැයක් ගෙවී යයි....
සෙට් උන එලිමහනේ.....

බෝතලය

බෝතලය උඹෙන් ගෙන....
ආදරයෙන් සිඹ.......
ටිකක් දමාගෙන, අමෘත්තයක් ලෙස....
මගෙ උගුරෙන් රිංගන එක උගුරක් ලෙස....
මිහිර විඳින්නම්.....
ගලේ දයාබර.....

ගල් බාගයක්

ගල් බාගයක්...
වෙන්දේසියක්.....
තැබෑරුමේ ලොකු ගෝරියක්
මගේ දෙයියනේ...
බාගෙ ගන්නට ...
ගමේ දෙදෙනෙකු තරඟයක්......

මට බොන්න

මට බොන්න තහනම් නම් මලක්...
ඔතලා දුන්නේ ඇයි මට එකක්.....
මන් බිව්වේ අමුවෙන් ගල් ටිකක්....
ඒය නෑනේ ආතල් මල් තරම්....

කෝච්චියෙන්

කෝච්චියෙන් බැස ..
බාර් එකට වැඳ...
ගෙදර බලා යනවා...
අනේ මට වැඩී වැඩී ...
වැනි වැනී ඔහේ යනවා..

මගෙ කර

මගෙ කර සැරසූ මාල සියල්ලම හන්දියෙ කඩයට උගස් කලා.....
අතට ගත්ත සේරම නිල් කොල ටික බාර් එකට මම පූජ කලා....
ඒත් අනේ නෑ තවමත් මටනම් අරක්කු එපා වෙලා...
තව බොමි සල්ලි සොයා, තව බොමි සල්ලි සොයා.....

බීපු දිනෙක

බීපු දිනෙක මට ඕවර් ගියා....
අරක්කු සේරම ආයි ගියා....
මග තොට දහසක් බැනුම් අසා.....
යන්තම් වැනි වැනි ගෙදර ගියා.....

වේටර්ගේ

වේටර්ගේ සිනා වැලයි....
බීපු උන්ගේ කතා පෙලයි....
අරක්කු ඉමිහිරි සුවඳයි....
මගේ නිවන ගමේ බාර් එකයි.....

ගාලු කොටුවේ

ගාලු කොටුවේ නෝනච්චී...
මාත් එක්ක සෙට් වෙච්චී....
බොන්න ගෙනා අරක්කු මදි වෙච්චී.....
අපි යමු නෝනච්චී.....

චාරිකාව

චාරිකාව ආරම්ඹෙම ගල් බෝතලේ ඉවර උනා....
උදේ කෑම ලන් වෙනකොට තව එකකකුත් ගන්න උනා...
ටවුන් එකේ හැම තැනකම ඇරපු බාර් සොයන් උනා....
නමය නෙමෙයි අට කරපන් බාර අරින ටයිම් එකා....

මතේ රසය

මතේ රසය මගෙ දිවට දැනුන දා....
මතේ සුවය මගෙ ඇඟට දනුන දා .....
වෙරි මත හැඳින්නෙමී...
මේ බෝතලයේ.....

රෙඩ් රම්

රෙඩ් රම් පොදක්...
මේස හැන්දකින්...
පොවන්නා වගේ...
මට ඔබේ ආදරේ.....

රෙඩ් රම් කියන්නේ නියම බීමක් ඒත් මේස හැන්දකින් පොවනකොට බොන්න ටිකක් අමාරුයි වගේ

උඹ ආවා

උඹ ආවා.....
ගල් බෝතලයක් අරන්....
වහින දවසක.....
සීත සැඳෑවක උඹ ආවා.....
ඒ උඹයි, බෝතලෙයි.......
නියම සැඳෑවක් ගෙනාවා......

පෙරවදන

මේකට අදහස මුලින්ම දුන්නේ අපේ පොතේ ගුරා ඒත් බලධාරියා විසින් කපා හරින නිසා ටික දවසක් හිටියා.
ඒත් Facebook එකේ දාන Status ටික දවසකින් හොයා ගන්නත් නැති නිසා ආයි හිතුවා මේක දාන්න.