RSS Feed

දැල්වූ ජොයින්ට්...

දැල්වූ ජොයින්ට්... දැල්වී තියේවා!!!
පිරවූ බඳුන්... පිරිලා තියේවා!!!
ගෙන ආ බයිට්.. අවසන් නොවේවා!!!!
සෙට් වෙන දවස්... සැමදා තියේවා!!!!!

හිත මිතුරු සුළඟ......

හිත මිතුරු සුළඟ ලඟ එන මගේ යාළුවට කියන්....
අද එනවිට ගල් බෝතලයක් රැගෙන එන ලෙසින්.....
දිගු කලකින් අපි මුන ගැසේවි සෙට් වෙන්න ඉතින්....
අද බිව්වොත් ඒ අඳුරු මොහොත සොඳුරු වෙයි සැනින්.....

බෝතලයක් මම ....

බෝතලයක්  මම දෝත දරා...
බලා ඉඳිමි නුඹ එන තුරා...
ආයෙ සෙට් වෙන්නට ලැබෙන්නෑ.....
අද වාගේ....

ජීවිතේ සුන්දරද මෙතරම්....

මගේ වෙරිමත

මගේ වෙරිමත මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් උගුර පමණක් . .
බොන්න දීලා ඉවත යනු මැන . . .

ලිහිණියනේ..

ලිහිණියනේ පියාඹන්න..
බාර් එකක් සොයා යන්න..
මට පිපාසේ බව පවසා..
ගල් කාලක් අරන් එන්න..

ගල් බෝතලෙ

ගල් බෝතලෙ හරි අටකට බෙදාගෙන...... 
කොටහක් නොබී මිතුරන්ටත් තබාගෙන... 
බිව් හැටි එදා බේබද්දන් විලාසින.... 
ගල් බාගෙකට ඇයි අද ඇණ කොටාගෙන...

ගල් නැතිදා.

ගල් නැතිදා...
ගල් නැතිදා වෙන අරක්කු බොන්න නම් බැරී...
පුදුමයී නුඹ වාගේ....
මට නොබී ඉනු බැරී.......

කංසා මලේ

කංසා මලේ......  නටුවෙ කටූ...
නැත ළමයෝ.... ඔතලා ගමූ.....
නටුව නොවේ... මල ඔතමී......
මම ළමයෝ...... දුම උරමී.......

මා වැනි දිළිඳා

මා වැනි දිළිඳා....
හවසට බොන්න යන්නා.....
බොන දෑ කුමක්දා....
අසන වේටර් කොහි ගිහින්දා.....

හා හා...

හා හා හරි බේබා....
බාර් එකට ආවා.....
හිට ගෙන දොර ගාවා.....
කටේ තියන් ගැහුවා....

බයිට් නැතුව මේකා....
ගල් කාලක් ගහලා....
තොල කට ලෙව කාලා...
වැනි වැනි යන්න ගියා.....

චූටි බලු රාලේ....

චූටි බලු රාලේ.....
මා ගෙදර නැති වෙලේ....
කවුද මගේ බාගේ....
හොරෙන් බීලා ඉවර කෙරුවේ.....

පියමන් කෙරුවෙමු...

පියමන් කෙරුවෙමු බාර් එක මැද්දෙන්...
අඩියක් ගැසුවෙමු ඈත කොනෙක හිඳ....
සල්ලි ගෙවන්නෙමු.......
වෙරි ලැබ ගන්නෙමු...
දෙපා වාරු නැත එලියට යන්නට...
දෙපා වාරු නැත එලියට යන්නට...

ගල් අරක්කු

ගල් අරක්කු තොල ගාලා හායි හායි....
බාර් එකෙන් මන් අඩියක් ගහලා...
වැනි වැනි යනව මෙමා...
තව කාලක් රැගෙනා...
යනවා ගෙදර සොයා...
මම... හවසට.. යනවා ගෙදර සොයා......

බොන්න.....

බොන්න වගේ ඇවිදින්.....
උඹ නොබී යනවා මවෙතින්....
ගත්ත ඒවා මෙතනින්....
මට බොන්න වෙලා තනියෙන්....
බොනවා මමත් සතුටින්...

සිකුරාදට

සිකුරාදට යාළුවේ....
මම බොන්නෙමි පාළුවේ.....
මාත් එක්ක එකට බොන්න....
කවුරුත් නැහැ යාළුවේ......